දැක්ම | Vision

සුරක්ෂිත ළමා පරපුරක්

A safe generation of children

මෙහෙවර | Mission

වයඹ පළාත තුළ අනාථ, අත්හල හා අසරණ දරුවන් කායික, මානසික, අධ්‍යාපනික හා සදාචාරාත්මක වශයෙන් සංවර්ධනය කිරීමත්, ඔවුන් උදෙසා සියලු ආකාරයේ  සුබසාධන කටයුතු හා ආදරය, කරුණාව, රැකවරණය සැලැස්වීමත් තුළින් සියලු දරුවන්ගේ ළමා අයිතිවාසිකම් සහ එම දරුවන්ගේ සමාජ ගරුත්වය ඇති කිරීමත්, නීතිය හා ගැටුණු වරදකරුවන් හා වින්දිත දරුවන් පුනරුත්ථාපනය කිරීමත් අපගේ මෙහෙවර වේ.

Our mission is to develop orphaned, abandoned and helpless children in the Northwestern Province physically, mentally, educationally and morally, to provide them with all kinds of welfare activities and love, kindness and care, to ensure the rights of all children and the social dignity of those children, and to rehabilitate offenders and child victims who have come into conflict with the law.

ආයතනයෙන් මහජනයා වෙත ලබා දෙන සේවාවන් | Services provided by the institution to the public

1. ළමුන් ළමා නිවාසගත කිරීම | Placing children in orphanages

2. ළමුන් සුදුසු පුද්ගල භාරකාරත්වයට පත් කිරීම | Placing children in the custody of suitable individuals

3. ළමුන් සහතික පාසල්ගත කිරීම | Enrolling children in certified schools

4. ළමා නිවාසගත ළමුන් සමාජගත කිරීම | Socializing children in orphanages

5. නීත්‍යානුතූලව ළමුන් දරුකමට හදා වඩා ගැනීම සඳහා ලබාදීම | Providing children for adoption in accordance with the law

6. නිවුන්දරු ආධාර ලබාදීම | Providing twin child support

7. අඩු අදායම්ලාභී පවුල්වල ළමයින් වෙනුවෙන් අධ්‍යාපන පෝෂණ ආධාර ලබාදීම | Providing educational and nutritional assistance to children from low-income families

8. අධ්‍යාපන උපකරණ කට්ටල ලබාදීම | Providing educational equipment kits

9. වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම | Rehabilitation of offenders

10. ස්වෙච්ඡා ළමා නිවාස ලියාපදිංචි කිරීම | Registration of voluntary orphanages

11. ලියාපදිංචි ස්වෙච්ඡා ළමා නිවාස සදහා නඩත්තු ආධාර ලබාදීම | Providing maintenance assistance to registered voluntary orphanages

12. දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම | Registration of day care centers

13. ලියාපදිංචි දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා නඩත්තු ආධාර ලබාදීම | Providing maintenance assistance to registered day care centers

14. ළමා නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා යථායෝග්‍යාධාර ලබාදීම | Providing real assistance to orphanages and day care centers

ආයතනයේ ප්‍රධාන කාර්යයන් | The main functions of the Department

  • අනාථ, අත්හල, අසරණ හා අපයෝජනයට ගොදුරු වූ දරුවන් රැක බලා ගැනීම | Caring for orphans, abandoned, helpless and abused children
  • පරිවාස නියෝග මත පුනරුත්ථාපනයට යොමු කල පරිවාසිකයන්, සුදුසු පුද්ගල පරිලෝචන නියෝග මත අධීක්ෂණයට යොමුකල නීතිය හා ගැටුණු මෙන්ම පාලනාතික්‍රාන්තිභාවය හේතුවෙන් සහතික පාසල්, අනුමත පාසල්වලට යොමුකල ළමුන් හා යෞවනයන්ට අදාල පසුභාර අධීක්ෂණ කටයුතු | Follow-up supervision activities related to children and youth who have been referred to certified schools and approved schools due to their conflict with the law and administrative infractions, who have been referred to supervision under appropriate personal review orders, who have been referred to rehabilitation under probation orders,
  • ළමා රැකවරණ සේවයේ යෙදී සිටින ස්වෙච්ඡා සංවිධාන මගින් පවත්වාගෙන යනු ලබන ළමා නිවාස හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධව විමර්ශනය, අධීක්ෂණය, ලියාපදිංචිය හා ආධාර සැපයීම | Investigation, supervision, registration and provision of assistance to children’s homes and day care centers run by voluntary organizations engaged in child care services
  • ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම හා ළමා අයිතීන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීම | Implementing the Convention on the Rights of the Child and taking necessary steps to protect children’s rights
  • දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන බාලවයස්කරුවන්ගේ චරිත හැඩගස්වා පුනරුත්ථාපනය හා නැවත සමාජගත කිරීම සඳහා යොමු කිරීම | To shape the characters of juveniles referred to the department and refer them for rehabilitation and resocialization
  • දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන බාලවයස්කරුවන්ගේ චරිත හැඩගස්වා පුනරුත්ථාපනය හා නැවත සමාජගත කිරීම සඳහා යොමු කිරීම | To shape the characters of juveniles referred to the department and refer them for rehabilitation and resocialization

අප හා සම්බන්ධ වන්න | Contact Us

  • ආයතන ප්‍රධානියාගේ නම : එම්. ඒ. මල්කාන්ති පියසේන
  • තනතුර : කොමසාරිස්
  • දුරකථන අංකය – කොමසාරිස් : +94 372220044
  • දුරකථන අංකය – කාර්යාලය  : +94 372224796
  • කාර්යාලීය ලිපිනය : අංක 02, දඹුල්ල පාර, කුරුණෑගල
  • විද්‍යුත් තැපැල් ලිපිනය : probccnwp@gmail.com

  • Head of the Department : Ms. M.A.Malkanthi Piyasena
  • Designation :- Provincial Commissioner
  • Commisioner’s Contact No. : +94 372220044
  • Officie Contact No.  : +94 372224796
  • Postal Address : No 02, Dambulla Road, Kurunegala.
  • email : probccnwp@gmail.com

ඔබගේ යෝජනා චෝදනා හා අදහස් | Your suggestions, complaints and comments

  • ඔබගේ යෝජනා, චෝදනා හා අදහස් අප වෙත යොමු කරන්න | Send us your suggestions, complaints and comments.

Submit Your Idea

Scroll to Top