Get Adobe Flash player

a) අධිකරණයට යොමු වූ වරදකරුවන් පුනරුත්තාපනයට අදාලා සේවා (අධිකරණ නියෝග නිසා විශේෂ ලිපි ලේඛන අවශ්‍ය නොවේ)

b) ළමුන්ට නේවාසික රැකවරණය සැලසීම

භාරය හා රැකවරණය අවශ්‍ය ළමුන්ට නේවාසික රැකවරණය සැලසීම. මේ සඳහා මව/ පියා/ භාරකරුගේ ලිඛිතඉල්ලීමක් තිබිය යුතුය. එසේම පහත ලිපි ලේඛන අවශ්‍ය කෙරේ.

1. දරුවාගේ උප්පැන්න සහතිකය (ඇත්නම්)

2. පදිංචිය තහවුරු කරන සහතිකය (හැකිනම්)

3. වෛද්‍ය සටහන් පත (ඇත්නම්)

4. පාසල් හැරයාමේ සහතිකය (අදාළ වේ නම්)

c) දරුවන් දෙපාර්තමේන්තු භාරයට ගැනීම

ආර්ථික හෝ වෙනත් ගැටළු නිසා තම භාරයේ තබා ගත නොහැකි දරුවන් දෙපාර්තමේන්තු භාරයට ගෙන අවස්ථානෝචිතව හදාවඩා ගැනීමට හෝ වෙනත් විකල්ප රැකවරණ ක්‍රම වලට යොමු කිරීම. පහත ලිපි ලේඛන ලබා දිය යුතුය.

1. දෙමාපිය/භාරකරුගේ ඉල්ලීමක්

2. දරුකමට ඇති සියලු අයිතිවාසිකම් අත්හරින බවට දිවුරුම් ප්‍රකාශයක්

3. දරුවාගේ උප්පැන්න සහතිකය/ උපත් විස්තරය/ අනුමාන වයස් සහතිකය

4. දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන් (ඇත්නම්)

 

d) ළමුන් හදාවඩා ගැනීමට ලබා දීම

දෙපාර්තමේන්තුව වෙත යොමු වූ හසවද ගැනීමට නිත්‍යානුකුලව දිය හැකි ළමුන් හදාවඩා ගැනීමට ඉල්ලුම්කරුවන් වෙත ලබා දීම. අයදුම්කරු විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව පරිවාස නිලධාරීන් විසින් කරනු ලබන නිර්දේශ පදනම් කරගෙන අධිකරණ නියෝග මඟින් ලබා දීම සිදුවේ. ඒ සඳහා පහත ලිපි ලේඛන ලබාදිය යුතු වේ.

1. අයදුම්කරුවන්ගේ ලිඛිත ඉල්ලීමක්

2. වැටුප් විස්තර/ ආදායම් සහතික

3. පදිංචිය තහවුරු කරන සහතිකය

4. ස්වාභාවිකව දරුවන් ලැබිය නොහැකි බවට වෛද්‍ය නිර්දේශ (ඇත්නම්)

5. හදාවඩා ගැනීමට අපේක්ෂිත දරුවා වෙනුවෙන් රු 50.000/- ක ස්ථාවර ගිණුමක් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කල ලිපියක්

e) ළමා නිවාස ලියාපදිංචි කිරීම

අනාථ, අසරණ , අත්හල දරුවන්ට නේවාසික රැකවරණය සලසනු ලබන ළමා නිවාස ලියාපදිංචි කරනුයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේය. ඒ සඳහා පහත ලිපි ලේඛන ඉදිරිපත් කල යුතු වේ.

1. අදාළ ස්වේච්ඡා සංවිධානයෙන් කෙරෙන ඉල්ලීමක්

2. ස්වේච්ඡා සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්

3. ස්වේච්ඡා සංවිධානයේ නිලධාරී මණ්ඩලය (කළමනාකරණ මණ්ඩලය) පිලිබඳ විස්තර

4. ස්වේච්ඡා සංවිධානයේ මුල්‍ය හැකියාව තහවුරු කෙරෙන සහතික

5. අදාළ අයදුම් පත්‍රය (භාගත කරගත හැක)

6. බීආකෘති පත්‍රය( භාගත කරගත හැක)

7. ළමා නිවාස පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිලි පිහිටා ඇති ඉඩමේ ඔප්පු පිටපත

8. ගොඩනැගිලි සැලැස්ම

f) දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම

වයස අවු 05න් පහල දිවා සුරැකුම අවශ්‍ය දරුවන් සඳහා වන සුරැකුම් මධ්‍යස්ථාන මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. ඒ සඳහා අදාළ ස්වේච්ඡා සංවිධානයෙන් ලිඛිත ඉල්ලීමක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු කොමසාරිස් (වයඹ) වෙත ඉදිරිපත් කල යුතු වේ. එවිට පරිවාස නිලධාරී විමර්ශන පවත්වා අදාළ නිර්දේශය කොමසාරිස් වෙත ලබා දේ. ඒ සඳහා පහත ලිපි ලේඛන අවශ්‍ය වේ.

1. ස්වේච්ඡා සංවිධානයේ ලිඛිත ඉල්ලීමක්

2. සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය (භාගත කර ගත හැක)

3. දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාලිකාවන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තහවුරු කරන ලිපි

4. ගොඩනැගිලි පිහිටීමේ ඔප්පු පිටපත

5. ස්වේච්ඡා සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ පිටපත